18% දක්වා වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් වාහන අමතර කොටස් සියල්ලෙහිම මිල අවම වශයෙන් රුපියල් 300කට වැඩි මුදලකින් ඉහළ යනු ඇති බව වාහන අමතර කොටස් අලවිකරුවන් පවසයි.
එමෙන්ම ඇතැම් කොටස්වල මිලෙහි විශාල ඉහළ යාමක් සිදුවනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
වැට් බදු වැඩි කිරීම ජනවාරි මාසේ සිට ක්රියාත්මක වීමට නියමිතව තිබූනද සැපයුම් කරුවන් දැනටම ඇතැම් වාහන අමතර කොටස් නිකුත් කරනුයේ වැඩි මිලකට බව වෙලදුන් පවසයි.
ලබන මාසයේ අමතර කොටස් මිල ඉහළ යාම හමුවේ තමන් ඇතුළු සියලු පාරිභෝගික ජනතාව දැඩි පීඩාවට පත්වන බව වෙළදුන් සදහන් කරයි.
මේ වන විටද ඇතැම් ප්රදේශවල පවතින ගරාජ වැසි යන තත්වයට පත්ව ඇති බව ගරාජ හිමිකරුවන් සදහන් කරයි.
වාහන අමතර කොටස් මිල අධික වීම සහ අධික ජීවන බර හේතුවෙන් බොහෝ රථවාහන නියමිත කාලයේදී අලුත්වැඩියා නොකිරීම ඊට හේතුවී තිබේ.

