Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලීසිං සමාගම් හී අනීතික ක්‍රියා ඉහළට! ලබන වසරේ සිට වාරික ගෙවීම නවතන බවට ජනතාවගෙන් අනතුරු ඇඟවීමක්!

3 years ago

රට තුළ ලීසිං මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් මේ හේතුවෙන් කුඩා කර්මාන්තකරුවන් ඇතුලු ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසයි.

ලීසිං සමාගම් විවිධ අනීතික උපක්‍රම යොදාගනිමින් ක්‍රියා කිරීම මේ වන විට රට පුරාම ක්‍රියාත්මක බව ඔවුන් පවසති.

එහි සභාපති අසංක රුවන් පොතුපිටිය කොළඹ ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ අනීතික ක්‍රියා සිදුවන්නේ නම් ලබන වසරේ ජනවාරි සිට ලීසිං වාරික ගෙවීමෙන් වැළකී සිටින බවයි.