Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොකු ලූනු කෑම සිහිනයක් වන ලකුණු! ඉදිරි දින කිහිපයේ ලොකු ලූනු මිලෙහි සිදුවන වෙනස ගැන වෙළඳුන් පවසයි!

3 years ago

පිටකොටුව තොග වෙළෙඳපොලේ ඊයේ (20) දිනයේ දී ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 520ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව, ඉදිරි දිනවලදී ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 700 ද ඉක්මවා යනු ඇතැයි වෙළෙන්දෝ කියා සිටිති.

ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු මිල ගණන් මෙලෙස ඉහළ ගොස් තිබේ. දේශීය ලොකු ලූනු තොග වෙළෙඳපොළේ නොතිබීම නිසා ආනයනික ලොකු ලූනු මිල ගණන් මෙලෙස ඉහළ ගොස් තිබේ. මේ අතර, සිල්ලර වෙළෙඳ සැල් බොහොමයක ඊයේ දිනයේදී ලොකු ලූනු කිලෝවක් අලෙවි කෙරුණේ රුපියල් 600 ත් 650 ත් අතර මිලකටය.