Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියානු බීත්තර

රුපියල් 1050කට සතොසෙන් බිත්තර 30ක්! ජනතාවට පැනවෙන සීමාවක් පිළිබඳව දැනුම්දීමක්!

3 years ago

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර සීමාසහිතව පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට සතොස තීරණය කර තිබේ.

දේශීය බිත්තරයක මිල අසීමිත ලෙස ඉහළ යාම හේතුවෙන් ආනයනික බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර ඒවා මිලදී ගැනීම සඳහා සතොස ශාඛා ඉදිරිපිට පාරිභෝගිකයින් පෝලිම් ගැසී සිටී.

සතොසට දිනකට බිත්තර මිලියනයක් නිකුත් කෙරෙන අතර ඒවා කළමනාකරණය කර ගනිමින් සෑම පාරිභෝගිකයෙකුටම බිත්තර ලබා දීමේ අරමුණින් මෙම සීමා කිරීමේ තීරණය ගෙන තිබේ.

ඒ අනුව බිත්තරයක් රුපියල් 35ක මිලකට බිත්තර 30ක් එක් පාරිභෝගිකයෙකුට මිලදී ගැනීමේ හැකියාවක් පවතින අතර එම ප්‍රමාණය ඉදිරි දින කිහිපය තුළදී සීමා කරන බව සතොස පවසයි.