විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනා 2024 ජනවාරි 15 වනදා ඉදිරිපත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
එම යෝජනා ලැබීමෙන් අනතුරුව මහජන අදහස් කැඳවීමට නියමිත බව එම කොමිසම පවසනවා.
ඉන් අනතුරුව විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන නිර්දේශ ලබා දෙන බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
ඒ අනුව විදුලි බිල අඩු කිරීමේ යෝජනා පෙබරවාරි දෙවන සතිය වන විට අනුමත කිරීමට සැලසුම් කර ඇති බවයි එම කොමිසම පවසන්නේ.

