Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනවාරි පළමුවනදා සිට මත්පැන් මිල ඉහළට

3 years ago

වැට් බද්ද සියයට දහ අට දක්වා වැඩිවීම නිසා ලබන ජනවාරි පළමුවැනිදා සිට මත්පැන් බෝතලයක මිල ගණන් රුපියල් 90ත් 150ත් අතර මුදලකින් වැඩි වන බව මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහන් කරයි.

එලෙස මත්පැන් මිල ගණන් ඉහළ යාමට හේතු වන්නේ එතනෝල්, හිස් මත්පැන් බෝතල්, මත්පැන් ලේබලය, මූඩිය සහ නිෂ්පාදන කරන ලද මත්පැන් සහිත බෝතලයට වැට් බදු එකතු වීම නිසා බවද එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අනුව දැනට රුපියල් 3260ක් වන ගල් අරක්කු බෝතලයක මිල රුපියල් අනූවකින් ඉහළ යන අතර එහි නව මිල වන්නේ රුපියල් 3350කි.