Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බැංකු පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්

3 years ago

ඉදිරියේදී බැංකු පොලී අනුපාතය තවදුරටත් අඩුවන බවත්, ඒ අනුව බැංකුවලින් ණය ප්‍රසාරණය කිරීම තවදුරටත් වැඩි කරනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.ජී.ජේ.කේ. එදිරිසිංහ මහතා පැවසීය.

තවද රජය විසින් මහ බැංකුවෙන් ණයගැනීම සීමා කර ඇතැයි ද ඔහු කීවේය.

ජනාධිපති කාර්යාලයේ වෘත්තිය සමිති සබඳතා අංශය මගින් සංවිධානය කරන ‘අයවැය – 2024’ පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ 06 වැනි සම්මන්ත්‍රණය අරලියගහ මන්දිරයේදී පසුගියදා පැවැති අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

වැට් බදු වැඩි කිරීම හේතුවෙන් ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී උද්ධමනයේ ඉහළ යෑමක් සිදුවිය හැකි බවත්, ඊළඟ වසර තුනේදී රටේ ආර්ථික වර්ධනය 5%කින් ඉහළ යනු ඇති බවත් හෙතෙම කීවේය.