අද (02) දිනයේ එළවළු මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය පවසනවා.
පවතින අධික වර්ෂාපතනය සහ අස්වැන්න අඩුවීම හේතුවෙන් මෙලෙස එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමයේ ඩි.පි. ප්රසාද් සුසන්ත මහතා සඳහන් කළේ අධික මිල ගණන් හේතුවෙන් අද දිනයේ කොළඹට එළවලු එවා නොමැති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඩි.පි. ප්රසාද් සුසන්ත මහතා,
“කැරට් රු 600යි, බෝංචි රු 600යි, තක්කාලි රු 600යි, මාළු මිරිස් රු 600යි, අමුමිරිස් රු 1000යි, ගෝවා රු 500යි, වම්බටු රු 500යි. මේ ගණන්වලට ඉතිහාසයේවත් මිල වැඩිවෙලා නෑ. මොකද වැස්සත් එක්ක එළවළු මිල වැඩිවෙලා තියෙනවා. තව ඉස්සරහට මිනිස්සුන්ට එළවළු කන එක හීනයක් වෙනවා…”

