Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහන ආනයනයට සැරසෙයි! වාහන ආනයනය කෙරෙන රට මෙන්න!

3 years ago

රජය විසින් මෝටර් රථ ආනයනයට යළිත් සීමිත අවසරයක් ලබා දෙනු ඇති බව වාහන ආනයනකරුවන් කියා සිටී.

එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ එසේ ආනයනය කිරීමට සලකා බලමින් සිටී.

මීට අවශ්‍ය කටයුතු දැනටමත් සිදුවෙමින් පවතින බවද සංගමය සඳහන් කරයි.

කෙසේ වෙතත් කුඩා ප‍්‍රමාණයේ අඩුමිල මෝටර් රථ වැඩි වශයෙන් නිපදවන්නේ ඉන්දියාව හේතුවෙන් මෝටර් රථ වැඩි වශයෙන් ආනයනය ඉන්දියාවෙන් සිදු කිරීමට සිදුවනු ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම ඉන්දීය මෝටර් රථ ජපාන හෝ අනෙකුත් මෝටර් රථවලට වඩා අඩු මිලකට ලබාගත හැකි බවද වාර්තා වේ.

එමෙන්ම මේ වසර තුළ වාහන ආනයනය සඳහා විකල්ප ක්‍රමයක් හෝ භාවිත නොකළහොත් කර්මාන්තය බිඳවැටෙන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දී ඇත්තේ, රට තුළ පවතින ඩොලර් සංචිත භාවිත නොකර විකල්ප ක්‍රම මගින් වාහන ආනයනය කරන්නේ කෙසේ දැයි මේ වනවිටත් රජයට පෙන්වා දී ඇති බවයි.