ලක්ෂ 7ක් ඉක්මවන මෙරට විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුපෙන් ආදායම් බදු හෝ උපයන විට ගෙවීම් බදු හෝ අය නොකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ අනුව 7,05,000කට ආසන්න විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුප ඉදිරියටත් ආදායම් බද්දෙන් හා උපයනවිට ගෙවීම් බද්දෙන් නිදහස් වන බව ද ඇමැතිවරයා පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් අවුරුදු 18ට වැඩි සියලු දෙනා ආදායම් බදු සඳහා ලියාපදිංචි වීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව අනිකුත් ගනුදෙනු සඳහා විශ්‍රාමිකයන් ද TIN අංකයක් ලබා ගැනීම අනිවාර්යවනවා.
රාජ්‍ය වියදම් අනුව රජයේ සමස්ත මුළු බදු ආදායමෙන් 72%ක් වෙන් වන්නේ රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහායි.

