විදුලි බිල සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලබාදීම සඳහා වන යෝජනාව අද(12) මහජන උපයෝගීතා කොමිසමට භාරදීමට නියමිතව තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මේ වනවිට එහි සියළු කටයුතු සූදානම් කර ඇති බවයි.
විදුලි බිල හරහා ලබාදිය හැකි උපරිම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළා.
විශේෂයෙන් 0 – 30, 0 – 60 සහ 0- 90 විදුලි ඒකක භාවිත කරන පාරිභෝගිකයින් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.
ඒ පරාසය තුළ සිටින අඩු ආදායම්ලාභි ජනතාවට විදුලි බිලෙහි ප්‍රධාන වාසිය ලබාදීමට කටයුතු කරන බවයි නොයෙල් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

