Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යෝගට් හා කිරිපිටි මිල ඉහළට

3 years ago

යෝගට් සහ කිරි පැකට් මිල ගණන් ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.

අද (13) මේ සම්බන්ධයෙන් සම්පූර්ණ හෙළිදරව්වක් සිදු කරන බව එහි සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.

VAT බද්ද හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව යෝගට් එකක මිල රුපියල් 10කින් ඉහළ ගොස් තිබෙනවා.

හයිලන්ඩ් කිරි පැකට්ටුවක මිල ඉහළ ගොස් ඇත්තේ, රුපියල් 40කින්.

නමුත් මිල ඉහල දැමීමක් සම්බන්ධයෙන් හයිලන්ඩ් ආයතනයෙන් මෙතෙක් නිවේදනයක් නිකුත් කර නොමැත.