සමස්ත විදුලිය ගාස්තු සියයට 3.34කින් අඩු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කරන තිබෙනවා.
ඊට අදාළ දත්ත මේ වනවිට මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කිරීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ.
මාසයකට ඒකක 30ට වඩා අඩු ඒකක ප්‍රමාණයක් භාවිත කරන පිරිසකගේ විදුලිය බිල සියයට 8.3කින් අඩු වනු ඇති.
ඒකක 120ට වඩා භාවිත කරන අයගේ විදුලිය බිලෙන් අඩු වන්නේ සියයට 5ක ප්‍රමාණයක්.
මෙම ගාස්තු සංශෝධන පෙබරවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමටයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇත්තේ. (source – monara)


