Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල ඉහළ දමයි

3 years ago

සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල රුපියල් 43ක් දක්වා ඉහළ නංවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

සතොස ඇතුළු සුපිරි වෙළඳසැල්වලට ආනයනික බිත්තර නිකුත් කරන ප්‍රමාණය දිනකට ලක්ෂ 4 දක්වා සීමා කර තිබෙනවා.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ මෙරටට ඉන්දියාවෙන් බිත්තර ගෙන්වා ගැනීමේදී මීට පෙර ආනයනය කළ ප්‍රමාණයම ගෙන්වීමට මේ වන විට අපහසුතා මතුව ඇති බවයි.

ඒ ඉන්දිය බිත්තර සඳහා වෙනත් රටවලින් තිබු ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.