Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහජන බැංකුවට පොලු තිබ්බ ව්‍යාපාරිකයන්ට කිසිඳු සමාවක් නැහැ! සියලු බොල් ණය යළි අය කර ගැනීමට තීරණයක්!

3 years ago

මහජන බැංකුවෙන් ලොකු ලොකු ව්‍යාපාරිකයින්ට දුන් ණය, බෝල් ණය ලෙස කපා හැරියාද ? බිලියන 54ක ණය කතාවේ ඇත්ත නැත්ත එළියට

මහජන බැංකුවෙන් ඇතැම් ඉහළ පෙළේ පුද්ගලයන් ලබා ගත් ණය, බොල් ණය ලෙස කපා හැරීමේ සූදානමක් පවතින බවට පසුගිය කාලය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වුණා.

මෙලෙස ණය කපාහරින බවට පැවසෙන පුද්ගලයින් අතර ව්‍යාපාරිකයින් මෙන්ම දේශපාලනඥයින්ගේද නම් සඳහන් වී තිබුණා.

එහිදී සංසරණය වූ ඇතැම් වාර්තාවල සඳහන් වූයේ රුපියල් බිලියන 45ක ණය මෙලෙස කපා හැරීමට සූදානම් බවයි.

පසුගිය දිනෙක විකාශය වුණු රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින් එහි සැබෑ තත්වය පිළිබඳව මහජන බැංකුවේ ඉහළ නිළධාරීන් විසින් පැහැදිලි කර තිබුණි.

එහිදී අදහස් දැක් වූ මහජන බැංකුවේ අය කිරීම් අංශයේ නියෝජ්‍ය සාමාාන්‍යාධිකාරී ඒ.යූ.එල්.ඒ.අන්සාර් මහතා සහ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරායන මහතා ප්‍රකාශ කර සිටින්නේ එලෙසින් මහජන බැංකුව ලබා දී ඇති ණය, බොල් ණය ලෙසින් කිසිදු පුද්ගලයකුගෙන් අය නොකර කපා හැර නොමැති බවයි.

එමෙන්ම ඔවුන්ගේ ණය අය කරගැනීම සඳහා හැකි සෑම අයුරකින්ම කටයුතු කරන බවත් නීතිමය තත්වයන් යටතේ ඒ සඳහා මහජන බැංකුව මේ වන විටත් මැදිහත් වී සිටින බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.