ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්
ලිට්රෝ ගෑස් සමාගම මේ වනවිට බිලියන 07ක පමණ ලාභයක් ලබන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
අද (26) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ 2023 වර්ෂය ලිට්රෝ ගෑස් ඉතිහාසයේ වැඩිම ලාභ ලබපු වසරක් ලෙස හැඳින්විය හැකි බවයි.
එමෙන්ම 2023 වසරට අදාළව ලාභාංශය ලෙස රජයට ගෙවීමට ඇති මුදල්වලින් තවත් මිලියන 1500ක් අද (26) දවස වනවිට මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට කටයුතු කරන බවද මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළා.
මූල්‍ය අර්බුදය දැඩිව තිබෙන මොහොතක යළිත් වතාවක් මෙලෙස රජයට ගෙවිය යුතු මුදල් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටට ලක්වන බවද ඔහු අවධාරණය කර සිටියා.
2023 වසරේ ඔක්තෝබර් මාසයේදී බිලියන එකාහාමාරක් රජයට ලාභාංශය ලෙස ගෙවූ බවත්, අද ලබාදෙන මිලියන 1500ක මුදල දෙවන ලාභාංශය වන බවත් ඒ මහතා පෙන්වා දුන්නා.
තමා ලිට්රෝ සමාගමේ සභාපති ධූරය භාරගන්නා විට සමාගම බිලියන 14ක පමණ පාඩුවක් ලබපු බවයි මාධ්‍ය හමුවේදී ඒ මහතා කියා සිටියේ.
ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීයෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ ඉදිරි දින 10 ඇතුළත ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන බවත් මිල ප්‍රකාශයට පත්කිරීමට කල් වැඩි බවත්ය.

