Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අලුතින්ම පැනවීමට නියමිත බද්ද පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් දැනුම්දීමක්

3 years ago

ඉදිරියේ දී වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවයි ඒ මහතා පවසන්නේ.

මේ අතර 2025 වසරේදී නව දේපොළ බද්දක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේය.

දේපොළ බද්ද සෘජු බද්දක් වන බවත් එම බද්ද ඉහළ දේපොළක් ඇති අයගෙන් අය කරගනු ලබන නිශ්චිත මුදලක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.