ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 80 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ බොර තෙල් මිල අඛණ්ඩව ඉහළ යන අට වන සතිය මෙය වන බවයි.
මෙම තත්ත්වය සඳහා රතු මුහුදේ දී ඊශ්‍රායලට පක්ෂපාති රටවල නෞකාවලට හවුති කැරලිකරුවන් විසින් ප්‍රහාර එල්ල කිරීම ප්‍රධානතම හේතු වී තිබෙනවා.
මේ අතර ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් සැලකිල්ලට ගනිමින් මෙරට ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතයි.
මෙම තත්ත්වය නිසා මෙරට ඉන්ධන මිලද ඉහළ දැමීමේ ඉඩ කඩක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

