පැරැණි මාදිලියේ මෝටර් රථ වර්ග කිහිපයක ‘එයාර් බෑග්‘ පිපිරීමට ලක්විය හැකි බවත්, ඉන් මාරක අනතුරු සිදුවිය හැකි බවත් කියමින් අමෙරිකාවේ පැරැණි මාදිලියේ මෝටර් රථ 50,000 ක ‘එයාර් බෑග්‘ වහාම අලුත්වැඩියා කරගන්නා ලෙස ටොයෝටා මෝටර් රථ සමාගම එම මෝටර් රථ හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ටොයෝටා සමාගම නැවත කැඳවා ඇති මෝටර් රථ වන්නේ 2003-2204 වර්ෂවල නිෂ්පාදිත කොරොල්ලා, 2003- 2004 වසරවල නිෂ්පාදිත කොරොල්ලා මැට්රික්ස් සහ 2004-2005 වසරවල නිෂ්පාදිත RAV4 වර්ගයේ මෝටර් රථ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ජපානයේ ටකාටා මෝටර් රථ උපාංග නිෂ්පාදන සමාගමේ නිෂ්පාදිත‘එයාර් බෑග්‘ සවි කර ඇති වසර 2003 සිට 2005 දක්වා ටොයෝටා සමාගම විසින් නිපදවනු ලැබූ පැරැණි මාදිලියේ මෝටර් රථ ‘Do Not Drive‘ උපදේශනය සහිතව එම නිවේදනය නිකුත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වසර 2009 සිට එයාර් බෑගයේ සුළං පුරවන බටය පුපුරා පුද්ගලයන් 30 දෙනකු පමණ ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, හදිසි අනතුරකදී එයාර් බෑගය ක්‍රියාත්මක වීමේදී එහි ඇතුළත සවි කර ඇති බටය පිපිරීමට ලක්වීමේ අවදානමක් ඇතැයි ටොයෝටා සමාගම සිය නිවේදනයේ සඳහන් කර ඇතැයි වාර්තා වේ. එමෙන්ම එය වෙඩි පහරකට ලක්වීම තරම් බරපතළ බව ද, ඉන් රියැදුරුට හෝ මගීන්ට බරපතළ තුවාල සිදුවීමට හෝ මරණයට පත්වීමට ඇති ඉඩකඩ වැඩි බව ද එම නිවේදනයේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.

