ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් අද (01) සිට පාසල් බස් ගාස්තු ඉහළ දමන බව අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසයි.
එම සංගමයේ සාමාජිකයින් පැවසුවේ 10%කින් සහ 15%කින් මෙම ගාස්තු වැඩි කිරීම සිදුකිරීමට තීරණය කර ඇති බවයි.
මේ අතර ඉල්ලීම්වලට විසඳුම් නොලැබුනොත් ඉදිරි සති 02 ඇතුළත බස් ගාස්තු 10% කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ එලෙස ගාස්තු සංශෝධනය සිදු වුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 35ක් දක්වා ඉහළ යන බවයි.
අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩිසල් රුපියල් 5 කින් වැඩිවීමත් සමඟ මේ වනවිට රුපියල් 22ක බලපෑමක් සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය වර සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේ දී මිල ඉහළ යාමත් සමඟ රුපියල් 17ක පාඩුවක් බස් හිමියන් විසින් විඳ දරා ගත් බව සභාපතිවරයා මෙහි දී පැවසුවා.

