Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්‍යවශ්‍ය ආහාර

සීනි, පරිප්පු, අල, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක තොග හා සිල්ලර මිල නිවේදනය කරයි

3 years ago

පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මීට පෙර නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා අද (05) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

එහිදී තොග මිල නිෂ්චිත මිලක් ලෙස ද, සිල්ලර මිල පරාසයක් ලෙස ද, ප්‍රසිද්ධ කළ බවත් ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීමට පෙර සිල්ලර වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට වඩාත් සහනදායි ස්ථානයෙන් මිලදී ගැනීම කළ හැකි බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව, වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූණු, ආනයනික අර්තාපල් සහ මයිසූර් පරිප්පු යන භාණ්ඩලවල උපරිම තොග සහ සිල්ලර මිල අඩු කර තිබේ.

වියළි මිරිස් කිලෝවකට රුපියල් 870 ක, සුදු සීනි කිලෝවකට රුපියල් 265 ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 900 ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 320 ක, අර්තාපල් කිලෝවකට රුපියල් 120 ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 295 ක තොග මිල නැවත ප්‍රසිද්ධ කර තිබේ.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 950ත් 1200ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 280 ත් 310 ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1050 ත් 1400 ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 360 ත් 420 ත් අතර, අර්තාපල් කිලෝවක් රුපියල් 180 ත් 250 ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 310 ත් 380 ත් අතර සිල්ලර මිලක් ප්‍රසිද්ධ කර තිබේ.