Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහන ආනයනය ඇරඹීම ගැන රජයෙන් දැනුම්දීමක්

3 years ago

පවතින ආර්ථික අර්බුදය මත මෝටර් රථ ආනයනය කලකට සිදු කිරීමට හැකියාව නොලැබෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආනයන නීති ලිහිල් යුත්තේ ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂම බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

‘මේ තිබෙන විදේශ විනිමය අර්බුදය තුළ අදියරගතව, ඉතාම සැලසුම් සහගතව, සූක්ෂම ලෙස තමයි ආනයන පාලන නීති ලිහිල් කරන්නේ. උදාහරණයක් වශයෙන් මොටර් රථ වාහන යනාදිය ආනයනය කරන්න තව කාලයකට පුළුවන්කම ලැබෙයි කියලා මම පුද්ගලිකව හිතන්නේ නැහැ’