Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකුවේ අද වැදගත් තීන්දු රැසක් ගැනීමට සැරසෙයි

3 years ago

මහ බැංකුවේ අද විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ හමුවක් අද (07) දින පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙය ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරන හමුවක් නොවන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සහ දේශීය මිල ස්ථායීතාව සාක්ෂාත් කර ගැනීම සහ පවත්වා ගෙන යෑම සඳහා නම්‍යශීලී උද්ධමනය ඉලක්කගත කිරීමේ රාමුව හා අනුකූල ව නම්‍යශීලී විනිමය අනුපාතික පාලනයක් ක්‍රියාත්මක කිරීම මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය වෙත පැවරී ඇත.

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ මූල්‍ය තත්ත්වය සලකා බලමින්, මුදල් සැපයුම, මුදල් ලබා ගැනීමේ හැකියාව සහ මුදල් පිරිවැය නියාමනය කරනු ලැබිය යුතුය.