ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබීමෙන් පසු මෙම මාසය අවසන් වීමට පෙර විදුලි ගාස්තු අඩු කිරීමට හැකි බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එමෙන්ම ලබන අප්‍රේල් මාසයේදී යළිත් වරක් විදුලි ගාස්තු සංශෝධනයකට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා
එම නිර්දේශ මාර්තු මාසය වන විට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලබා දෙන බවද ඔහු එහිදී පැවසුවා.


