වෙළෙඳපොළ පොලී අනුපාතවල අඩු වීම වේගවත් කිරීමේ අරමුණින් නිත්‍ය ණය පහසුකම සඳහා පවතින සීමාවන් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
පසුගියදා රැස්වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගෙන ඇත.
දේශීය මුදල් වෙළෙඳපොළෙහි වර්ධනය ද්‍රවශීලතා මට්ටමට ඉහළ යාම සමග බලපත්‍රලාභී වාණිජ බැංකු වෙළෙඳපොළ කටයුතු සඳහා ප්‍රවේශ වන ආකාරය සලකා බලා අදාළ තීරණය ගත් බව මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව මෙම වසරේ ජනවාරි මස 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වාගෙන යාමේ කාලසීමාවේ සිට බලපැවැත්වෙන පරිදි නිත්‍ය ණය පහසුකම සඳහා පවතින සීමාවන් ඉවත් කර ඇත.
බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත අදාළ සීමාවන් ලිහිල් කිරීම නිකුත් කර ඇති අතර ඒ අනුව ණය පොලී අනුපාත අඩු වීම වේගවත් විය යුතු බව ද මහ බැංකුව ප්‍රකාශ කරයි.
ඊට අමතරව නිත්‍ය තැන්පතු පහසුකම මත පනවා ඇති සීමාවන් වාර පහක සිට වාර දහයක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.


