Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජයටම අවුරුදු සමරන්න මත්පැන් මිල පහත දමන ලෙස විශේෂ ඉල්ලීමක්

3 years ago

එළඹෙන අලුත් අවුරුද්දට සාමාන්‍ය ජනතාවට මත්පැන් පොදක් ලබා ගැනීමට ගල් අරක්කු මිල අඩු කළ යුතු බව රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක මහතා සඳහන් කර සිටිනවා.

මේ අනුව ගල් අරක්කු මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ජනතාව කසිප්පු පානය කිරීමට පෙළඹී ඇති බවත් හෙතෙම කියා සිටියා.

අද වන විට මත්පැන්හල් පාළුවට ගොස් ඇති බවත් ජනතාව කසිප්පු පානයට හුරුවී ඇති බවත් පවසන ඇමතිවරයා අවුරුදු කාලයටවත් ගල් අරක්කු ජනතාවට ලබා දිය යුතු බව සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමින්.

“මම හැමදාම කිව්වා. මේ රටේ ගල් බෝතලේ නැත්නම් සීල් බෝතලේ වැඩි වුණා. දැන් කසිප්පු බොන්නෙ. දැන් බාර් වේලෙනවා. මැස්සො වහලා. බාර්වල මිනිස්සු නෑ. කසිප්පු හැමදාම, තුන්සිය හැටපස් දවස ම බොන්න බෑ මූලාසනේ මන්ත්‍රීතුමා. අවුරුද්දකට හරි සීල් බෝතල් දෙකක් අරං ගිහිල්ලා අහිංක මිනිස්සු බොන්න ඕන.”