එළවළු මිල පහතට වැටි ඇති බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග පවසනවා.
ඔහු පවසන්නේ සෑම එළවළුවක්ම රුපියල් 500ට වඩා අඩු වී ඇති බවයි.
ඊයේ පොහෝ දිනය බැවින් පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය වසා තැබුණ ද අද (24) දිනයේ වෙළෙඳ සංකීර්ණය විවෘත වන බවත්, ගතවූ දින කීපය තුළ එළවළු මිල විශාල ලෙස පහත බැස තිබූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම පසුගිය දිනවල රුපියල් 2000ට 2500ට තිබූ කැරට් තොග කිලෝව දැන් රුපියල් 300ට බැස තිබෙනවා.

