Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාවේ ඉන්ධන ඇලෙවියට ආ අලුත්ම ඕස්ට්‍රේලියානු සමාගම

3 years ago

United Petroleum Australia සමාගම මෙරට ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

පසුගිය පෙබරවාරි 22වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ මෙලෙස ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ අනුව, එම සමාගමට දැනට පවතින ඉන්ධන පිරවුම්හල් 150ක් පවරා ඇති අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමේ අයිතියද ලබා දී තිබෙනවා.

United Petroleum Australia සමාගමට ඕස්ට්‍රේලියානු උප මහද්වීපය පුරා ඉන්ධන පිරවුම්හල් 500කට අධික ප්‍රමාණයක් හිමි බවයි වාර්තා වන්නේ.

මෙම සමාගම ඔස්ට්‍රේලියාවෙන් පිටත රටක් තුල මෙලෙස ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවියට එක්වූ පළමු අවස්ථාවද මෙය බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.