Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල

ජනතාව ගසා කෑමට එරෙහිව පියවරක්! බිත්තර සඳහා පාලන මිලක්!

3 years ago

දේශීයව නිෂ්පාදනය කරන බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 30ක් වුවද මේ වන විට වෙළෙඳපොළෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව බිත්තර නිෂ්පාදකයන් හා වෙළෙඳ මාෆියාව විසින් ජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් බිත්තර සඳහා පැනවීමට පියවර ගන්නා බවයි ඔහු පවසන්නේ.

මෙම උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බව වාර්තා වේ.