Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පිම්මේ පල්ලම් බසින ඩොලරය 300 සීමාව ආසන්නයට

3 years ago

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (04) තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 302.78ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 313.33 ලෙසත් සටහන් වුණා.

පසුගිය දින කිහිපයේදීම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වුණා.

අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

මහජන බැංකුව: රු. 303.78 – රු. 313.33
කොමර්ෂල් බැංකුව: රු.301.18- රු. 312.
සම්පත් බැංකුව: රු.303.50 – රු. 312.50