Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොකු ළූනු මිල යළි රොකට් වේගයෙන් ඉහළ නගින ලකුණු

3 years ago

පාකිස්තානය ලොකු ළූනු අපනයනය කිරීම තහනම් කළොත් අවුරුදු උත්සව සමයේදී ලොකු ළූනු කිලෝවක් රුපියල් 700ක් හෝ 800ක් දක්වා මිල ඉහළ යා හැකි බව කොළඹ ලොකු ළූනු ආනයනකරුවෝ පවසනවා.

ඔවුන් පෙන්වාදෙන්නේ ඉන්දියාවේ ලොකු ළූනු ආනයනය කිරීමට රජයේ මැදිහත්වීම අවශ්‍ය බවයි.

මේ වන විට ලොකු ළූනු හිඟයක් පවතින බව පවසමින් පාකිස්තානය ගල්ෆ් කලාපයට සිදු කරන අපනයනයන් නවතා දමා තිබෙනවා.

ලබන සතිය වනවිට ශ්‍රී ලංකාවට ද ඊට මුහුණපෑමට සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඉන්දියාවෙන් ලොකු ළූණු ආනයනය ලාභදායී බවත් එරටින් මේ වන විට කෝටා ක්‍රමයක් යටතේ ඩුබායි සහ බංග්ලාදේශයට පමණක් ලොකු ළූණු අපනයනය කරන බවත් ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.