අවුරුදු සමයේදී හිඟයකින් තොරව අඩු මිලට කුකුළු මස් සැපයීමට හැකි බව කුකුළු මස් නිෂ්පාදකයන් සහතික කර තිබෙනවා.
ඒ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර හා කුකුළු මස් නිෂ්පාදකයන් අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (12) සාකච්ඡාවකදීය.
එහිදී කුකුළු මස් නිෂ්පාදකයන් පවසා ඇත්තේ උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1150කට අලෙවි කිරීමට හැකි බවයි.

