ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක පත්කර තිබෙනවා.
ඔහු අද දින (14 ) එම සභාපති ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර මහ බැංකුව මගින් එම පත්කිරීම අනුමත කර තිබෙනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන් රත්නායක මහතා ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස පත්කිරීමට පෙර ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා එම ධුරයේ කටයුතු කළා.
මීට පෙර කාවන් රත්නායක වරාය අධිකාරියේ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ මෙන්ම ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

