Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

milk powder price in Sri Lanka

කිරිපිටි මිල අඩු කරන ප්‍රමාණය ගැන ඇමති සහ ආනයනකරුවන් පරස්පර මත දෙකක

3 years ago

කිරිපිටි මිල ඉදිරි දින කිහිපය තුළදී අඩු කිරීමට බලාපොරොත්තු වන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

මේ සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවන් සමග ඊයේ දිනයේ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවේදී ඔවුන් කිරිපිටි මිල අඩු කිරීමට එකඟ වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව කිරිපිටි කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 150කින් පමණ අඩු වනු ඇති බවත් එළඹෙන රාමසාන් උත්සවය සහ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මෙම අඩු කිරීම සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නමුත් එම සාකච්ඡාවෙන් අනතුරුව කිරිපිටි ආනයනකරුවන් සඳහන් කළේ කිරිපිටි කිලෝ එකක මිල අඩු කිරීමට හැකියාව ඇත්තේ රුපියල් 100ක ප්‍රමාණයකින් පමණක් බවයි.

කෙසේවෙතත් වෙළඳ අමාත්‍යවරයා සඳහන් කරන්නේ තමන් රුපියල් සියයකින් මිල අඩු කිරීමකට සූදානම් වීම පිළිබඳව කිසිසේත්ම සෑහමකට පත් නොවෙන බවයි.