Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාස ගණනකට පසු ඩොලරයේ සිදු වූ වෙනස

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.60ක් ලෙසත් විකුණුම් මිල රු. 310.20 ක් ලෙසත් සටහන් වී තිබේ.

අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

විශේෂත්වය වන්නේ මාස කිහිපයකට පසුව ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් මිල 300 සීමාවෙන් පහතට පැමිණීමයි.

මහජන බැංකුව – රු. 299.84 – රු. 309.99
කොමර්ෂල් බැංකුවේ – රු. 299.17 – රු. 308.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 301.50 – රු. 309.50
සෙලාන් බැංකුව – රු. 299.25 – රු. 308.75
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.00 – රු. 311.00
එන්.ඩී.බී. (NDB) – රු. 298.20 – රු. 309.20
අමානා බැංකුව – රු. 302.55 – රු.308.05
ලංකා බැංකුව – රු. 301.75 – රු. 309.75