Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්! ලෝක කොටස් වෙළඳපොළවල් අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි!

3 years ago

කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) සියලුම කොටස් මිල දර්ශක (ASPI) 2024 වසරේ මේ දක්වා ලොව හොඳම ක්‍රියාකාරී ප්‍රාථමික කොටස් දර්ශක 10 අතරට ශ්‍රේණිගත වී ඇති බව Bloomberg වෙබ් අඩවී දත්ත පෙන්වා දෙනවා.

ඒ එක්සත් ජනපද ඩොලර් අනුව 12.96% ක ධනාත්මක මිල ප්‍රතිලාභයක් ලැබීම හේතුවෙන්.

Bloomberg දත්ත වලට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන දර්ශකය ඊයේ (18) වන විට ලොව හොඳම ක්‍රියාකාරී ප්‍රාථමික කොටස් දර්ශක අතර 7 වන ස්ථානයට පත්ව ඇති අතර, එය ජපන් සහ ලන්ඩන් කොටස් වෙළඳපොළ දර්ශක ද අභිබවා ගොස් තිබෙනවා.

කෙන්යාව සහ කසකස්තානය 2024 වසරේ මේ දක්වා ගෝලීය වශයෙන් හොඳම ක්‍රියාකාරී කොටස් වෙළඳපොලවල් වන අතර, පිළිවෙළින් 28.9% සහ 20.11% ක ධනාත්මක ඩොලර් මිල ප්‍රතිලාභයක් ලබා තිබෙනවා.