පිටකොටුව තොග වෙළඳපොලේ සුදු සීනි කිලෝවක තොග මිල හිතුමතේ වැඩිකර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 20ත් – 25ත් අතර, අගයකින් ඉහළ ගොස් ඇති බවයි.
මීට දින කිහිපයකට පෙර රුපියල් 255ක මිලකට අලෙවි වූ සුදු සීනි කිලෝවක තොග මිල මේ වනවිට දැක්වෙන්නේ රුපියල් 275ත් – 280ත් අතර අගයකයි.
නමුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සඳහන් කරන්නේ එවැනි මිල වැඩිකිරීමක් සිදුව නොමැති බවයි.

