Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පිම්මේ ශක්තිමත් වෙන රුපියල ගැන සුබවාදී බලාපොරොත්තුවක්! ඩොලරයට අත්වන ඉරණම ගැන අනාවරණයක්!

3 years ago

ඉදිරි කාලයේ දී රුපියල තවදුරටත් ශක්තිමත් විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසනවා.

ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වී ඊට හේතුව වනු ඇති බවයි, ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඉදිරියේ දී ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් රැකියා සඳහා විදේශගත වීමට නියමිතයි.

එමෙන් ම විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ වනවිට අමෙරිකානු ‌ඩොලරයට සාපේක්ෂව ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 299ක්.

ඉදිරියේ දී එය රුපියල් 250ත් 260ත් අතර අගයකට පැමිණෙනු ඇති බවයි, මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා අවධාරණය කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් ලැබූ ණය සහ ප්‍රදාන රුපියල ශක්තිමත් වීමට තවත් හේතුවක් වනවා.

කෙසේ වෙතත් විදේශ ණය ගෙවීම අත්හිටුවා ඇති පසුබිමක මෙම මුදල් ලැබී ඇති බව ද ඔහු සිහිපත් කරනවා.

ඉදිරියේ දී මෙරටට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වන්නේ නම් යළිත් රුපියල් අවප්‍රමාණය වනු ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා වැඩිදුරටත් කියා සිටියේ.