Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවම සේවක වැටුප ඉහළ නැංවීමට කැබිනට් තීරණයක්

3 years ago

ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි.

සේවකයන්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12,500 ලෙස නියම කර ඇත.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කළ කමිටුවකින් එම වැටුප රුපියල් 17,500ක් දක්වා වැඩි කිරීමට නිර්දේශ කර තිබේ.

එමෙන්ම ජාතික අවම දෛනික වැටුපද රුපියල් 500 සිට 700 දක්වා රුපියල් 200කින් වැඩි කිරීමට නියමිතය.