සියලු රාජ්‍ය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවීමෙන් අනතුරුව, අප්‍රේල් මාසයේ වැටුප ද අප්‍රේල් මාසයේ 10 වන දිනට පෙර ගෙවීමට සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඊයේ (25) රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එමෙන්ම රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.10,000 මෙන්ම විශ්‍රාමිකයින් සඳහා වැඩි කළ රු. 2,500ද අප්‍රේල් මාසයේ සිට ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසනවා.

