Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

arrack

මත්පැන් මිල පිළිබඳ මත්පැන් ලෝලීන්ට සුබ ආරංචියක්

3 years ago

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසයි.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මෙලෙස පැවසීය,

“මත්පැන් අඩුකරන්න ඕන බඩුමිල අඩුවෙන්න ඕන. හැමදෙයක්ම අඩුවෙන්න ඕන. විශේෂයෙන්ම මත්පැන් මිලත් අවුරුද්දට ඉස්සරවෙලා අඩුකරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ජනප්‍රිය තීන්දු මෙච්චර කල් ගත්තෙත් නෑ ගන්නෙත් නෑ. ජනප්‍රිය තීන්දු ගන්න ගිහිල්ලා තමයි අපි පහුගිය කාලේ ඩොලර් 200ට වැටිලා මේ රට අන්ධපකීර් වෙලා කෙළවගත්ත වෙලාව මතකයි නේ ඔයගොල්ලන්ට. ඒ හින්දා ජනප්‍රිය තීන්දු ගන්නේ නෑ.”