කෘෂිකාර්මික කටයුතු සඳහා විදුලිය භාවිත කරන උතුරු පළාතේ ගොවීන්ගේ විදුලි ගාස්තු අඩුකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
උතුරු පළාතේ කෘෂිකාර්මික කටයුතුවල සියලු කටයුතු දැඩි පරිශ්‍රමයකින් සිදුකිරීමට එම පළාතේ ජනතාව දක්වන කැපවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළා.
“වසර 30ක් පැවැති යුද්ධයෙන් උතුරු පළාතේ ජනතාව පීඩා වින්දා. ඒත් ඒ කරදර මැද්දේ වුණත් ගොවිතැන අත්හැරියේ නැහැ. ඒ නිසා උතුරු පළාතේ ගොවීන් තම කෘෂිකාර්මික කටයුතු සඳහා විදුලිය භාවිත කිරීමේදී යම් සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන විදුලි ගාස්තු සඳහා යම් සහනයක් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා”

