බැංකු මගින් ලබාදෙන ණය පොළී අනුපාතිකය සියයට 14 යි දශම 5 ත් සියයට 17 යි දශම 5 ත් අතර පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා.
මේ අතර, ඊයේ රැස් වූ මුදල් මණ්ඩලය තීරණය කළේ, ප්‍රතිපත්ති පොළී අනුපාතිකය පදනම් අංක 50 කින් හෙවත් සියයට දශම 5කින් පහළ දැමීමටයි.
ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 8 යි දශම 5 දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9 යි දශම 5 දක්වාත් ඇත දැමුණු අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය සියයට 2 ක් ලෙස නොවෙනස්ව පවත්වාගෙන යාමටයි මහ බැංකුව තීරණය කළේ.

