විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කිරීමට සිදුකළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ආනයන හා අපනයන බදු සරල කිරීමේ රජයේ තීරණයට අනුව මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට නව බද්දක් ඉදිරියේදී හඳුන්වා දෙන බවයි.
රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

