චීන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයෙකු වන Xiaomi සිය ප්‍රථම විද්‍යුත් වාහනය (EV) හඳුන්වා දී ඇති අතර, මේ වන විට ඇණවුම් ලබා ගැනීමට පටන් ගෙන තිබෙනවා.
මෙම උත්සවයේදී එම සමාගමේ ප්‍රධාන විධායක Lei Jun පැවසුවේ සම්මත Xiaomi SU7 මාදිලියේ මිල යුවාන් 215,900 ($29,872; පවුම් 23,663) සහ මැක්ස් මාදිලිය යුවාන් 299,900 ක් වනු ඇති බවයි.
විකුණුම් ආරම්භ වී පළමු මිනිත්තු 27 තුළ ඇණවුම් 50,000 කට වඩා ලැබුණු බව සමාගම පවසනවා.
Xiaomi යනු 12% ක පමණ වෙළඳපල කොටසක් සහිත ලොව පුරා ස්මාර්ට්ෆෝන් අලෙවි කරන තුන්වන විශාලතම විකුණුම්කරුයි.
බීජිං හි රජය සතු මෝටර් රථ නිෂ්පාදක කර්මාන්ත ශාලාවකදී එය වසරකට වාහන 200,000ක් පමණ නිෂ්පාදනය කරනු ඇති බව වාර්තා වනවා.

