Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බංගලි මාධ්‍යයට ධනංජයගෙන් සැර පිළිතුරක්!

3 years ago

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය චැටොග්‍රෑම් හිදි අද (30)ආරම්භ වීමට නියමිතය.

තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ 1ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.

පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 328 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත් විය.

දෙවන ටෙස්ට් තරගය සඳහා ශකීබ් අල් හසන් යළි බංග්ලාදේශය පිලට කැඳවීමට එරට තෙරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ(29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ධනංජය ද සිල්වා ලබාදුන් පිළිතුරක් සමාජ මාධ්‍ය තුළ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ප්‍රශ්නය – ශකීබ් තරගයට කැඳවීම ගැන මොකද හිතන්නේ?

ධනංජය ද සිල්වා – “මට දැන් කිසිදෙයක් කියන්න බැහැ.”

ප්‍රශ්නය – ඔයා දැන් ශකීබ් ගැන කිසිම දෙයක් කියන්නේ නැද්ද?

ධනංජය ද සිල්වා – “මම මොකටද කියන්නේ? එයා මගේ කණ්ඩායමේ නෙමෙයි. බංග්ලාදේශ කණ්ඩායමෙන් තමයි අහන්න ඕනේ.”

ප්‍රශ්නය – ශකීබ් ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයෙක්

ධනංජය ද සිල්වා – “මම මොකටද ඔහු ගැන කතා කරන්නේ. එයා මගෙන් ශකීබ් ගැන අහනවා. සමහර විට ඔයා මාව වැරදියට තේරුම්ගෙන ඇති.”