2024 පළමු කාර්තුව තුළ දී අඛණ්ඩවම ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණයවීමේ ප්‍රවණතාවය පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව 2024 වසරේ මාර්තු මස 28 දක්වා ගත වූ කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 7.6කින් අතිප්‍රමාණය වී ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.
එමෙන්ම එම කාල පරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය වී තිබෙනවා.


