Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර හා කුකුළු මස් මිල පහතට

3 years ago

නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුඩා ප්‍රමාණයේ සුදු බිත්තරයක මිල අද(30) රුපියල් 36ක් ලෙස සටහන්ව තිබෙනවා.

එහි විශාල ප්‍රමාණයේ රතු සහ සුදු බිත්තර අද(30) දිනයේ අලෙවි කෙරෙන්නේ රුපියල් 44කටයි.

මේ අතර කුකුළු මස් මිලෙහිද පහත යාමක් සිදුව ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කරනවා.

ඒ අනුව කරි චිකන් කිලෝවක මිල රුපියල් 990ක් සටහන්ව පවතී.

එමෙන්ම ෆ්‍රේස් මස් කිලෝවක් රුපියල් 1,210කටත්, සම සහිත මස් කිලෝවක් රුපියල් 1100කට හා ශීතකළ කුකුල් මස් කිලෝවක් රුපියල් 1000කටත් අලෙවි කරනු ලබනවා.