මිල කමිටුවේ නිර්දේශ සඳහා අමාත්‍යංශයේ අනුමැතිය ලැබුණු පසු, ඉදිරි මාසය සඳහා ඉන්ධන මිල අද (31) තීරණය කිරීමට නියමිතව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිළධාරියෙක් සඳහන් කර සිටිනවා.
ඔහු සඳහන් කර සිටියේ ඉන්ධන මිල සළකා බැලීමේදී මිල කමිටුව රුපියලේ ශක්තිමත් වීම, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ආදී කරුණු රැසක් සැළකිල්ලට ගන්නා බවයි.
ඒ අනුව ඉන්ධන මිල කෙරෙහි බලපාන සියලු සාධක මත මිල තීරණය කරන බවයි ඔහු පවසන්නේ.
මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසුවේ පවතින මිල සූත්‍රය අතීත වියදම් අයකර ගැනීම අරමුණු කරගනිමින් සැකසූ සූත්‍රයක් බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරයේ අගය ආදේශ වන්නේ බොරතෙල් නිෂ්පාදන මෙරටට ආනයනය කරන විට ක්‍රියාත්මක වූ විනිමය අනුපාතික අනුව බව ඔහු සඳහන් කළේය.
ඔහුට අනුව වර්තමාන විනිමය අනුපාතිකයේ ප්‍රතිලාභ හිමිවනු ඇත්තේ ඉදිරි මාසවලදීය.

