වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීම සඳහා පැවැති වාර්ෂික ආදායම අඩු කර තිබෙනවා.
ඒ අනුව මීට පෙර රුපියල් මිලියන 80 සීමාව රුපියල් මිලියන 60 දක්වා අඩු වනු ඇති.
මේ අනුව දිනකට රුපියල් එක්ලක්ෂ හැට හය දහසක් උපයන රටේ වෙළෙඳුන් විශාල පිරිසකට බදු ලිපිගොනු විවෘත කිරීමට සිදුවනු ඇත.
මේ වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් බදු ලිපිගොනු 12,000ත් 13,000ත් අතර ප්‍රමාණයක් පවතිනවා.
එම සංඛ්‍යාව මේ වසර වනවිට 50,000ක් ඉක්මවනු ඇති බවටයි, රජයේ බදු අංශ අනුමාන කරන්නේ.
මෙය මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට මෙම බදු අයකිරීම ක්‍රියාත්මක වන අතර, ඊට අදාළ පනත පාර්ලිමේන්තුවේ ඉකුත් සතියේදී සම්මත විය.

